ප්‍රවීන ළමා කතා රචිකා ජුඩිත් කේර් දිවියෙන් සමුගනියි
ජනප්‍රිය ළමා කතාවක් වන “The Tiger Who Came To Tea” කෘතියෙහි ලේඛිකා බ්‍රිතාන්‍ය ජාතික ජුඩිත් කේර් අභාවප්‍රාප්ත වී තිබේ. ඇගේ ප්‍රකාශකයින් වන හාපර්කොලින්ස් මේ බව තහවුරු කර ඇත.
මියයන විට ඇය 95 හැවිරිදි වියේ පසුවිය.
50 වසරකට එහා ගිය වෘත්තීය ජීවිතය තුළ ග්රන්ථ 30කට අධික ප්‍රමාණයක් ජුඩිත් විසින් පළ කර තිබේ.
The Tiger Who Came To Tea(1968), The Other Way Round (1975), Mog නම් බළලෙකු ගැන ලියවුණු පොත් පෙළ වැනි ළමා කෘතීන් ඇය විසින්ම ලියා සිතුවම් අඳින ලද ඒවා වේ.
“ඇය අග්‍රගණ්‍ය කතුවරියක් වගේම චිත්‍ර ශිල්පිනියක්. ඇගේ කතා වගේම සිතුවම් ලොව වටා සිටින මිලියන සංඛ්‍යාත පාඨකයින් පිනවූ බව පැවසිය යුතු යි. ජුඩිත් අප අතරින් වෙන්ව ගියත් ඇගේ කෘතීන් සදාකාලිකව ජිවත් වේවි,” යනුවෙන් ළමා කතා රචක ඩේවිඩ් විලියම්ස් පැවසුවේ ය.