ගේම් ඔෆ් ත්‍රෝන්ස් නළු කිට් හැරින්ටන් ආතතියට ප්‍රතිකාර ගනියි
ගේම් ඔෆ් ත්‍රෝන්ස් රංගන ශිල්පී කිට් හැරින්ටන් මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට විවේක මධ්‍යස්ථානයකට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිට සති කිහිපයකට පෙර සිට ඔහු ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
BBC ගුවන්විදුලි සේවය කළ විමසීමක දී කිට්ගේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, පුද්ගලික කාරණා කිහිපයක් වෙනුවෙන් මෙම කාලය වැය කිරීමට විවේක මධ්‍යස්ථානයකට යොමු වූ බවයි.
ජෝන් ස්නෝ නිසා කිට් නොසන්සුන්
මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් කිට් හැරින්ටන්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලියේ ජෝන් ස්නෝගේ චරිතයේ අවසන් දර්ශන කිහිපය රූපගත කිරීම කෙතරම් අපහසුදැයි පවසා සිටියේ ය.
“රූගත කිරීම්වල අවසන් දිනයේ, මම හොඳින් හිටියා... මම හොඳින් හිටියා... මම හොඳින් හිටියා... ඊට පස්සේ මම මගේ අවසන් දර්ශන රූගත කිරීම්වලට එක් වුණා. මම තරමක් නොසන්සුන් වෙන්න පටන් ගත්තා.”
“ඊට පස්සේ ඔවුන් රූගත කිරීම් අවසන් බව දැන්වූ පසු.. මම කඩා වැටුණා. ඒක හරියට, මෙය නැවත කිරීමට නොහැකි වීම ගැන සහනයක් වගේම දුකක් එකවර හිතට කඩා වැදුණා වගේ.”
ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලියේ අවසානය ගැන කියවෙන “ද ලාස්ට් වොච්” නම් වාර්තා චිත්‍රපටයක් පසුගිය ඉරිදා දින HBO නාලිකාව ඔස්සේ විකාශනය විය.
ජෝන් ස්නෝගේ චරිතයේ අවසානය පිළිබඳ දැනගත් පසු කිට් හඬා වැටෙන අයුරු එහිදී දක්නට ලැබුණි.