ගෝඩ් ෆාදර් නළු කාමයින් කරීඩි අභාවප්‍රාප්ත වෙයි
1974 දී නිෂ්පාදනය කළ ගෝඩ් ෆාදර් දෙවැනි සිනමාපටය ඔස්සේ ප්‍රේක්ෂක අවධානය දිනාගත් රංගන ශිල්පී කාමයින් කරීඩි අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 85 කි.
ගෝඩ් ෆාදර් පළමුවැනි සිනමාපටයේ කාමයින් රොසාටෝ චරිතයටත් ගෝඩ් ෆාදර් තෙවැනි සිනමාපටයේ ඇල්බර්ට් වොල්ප්ගේ චරිතයටත් පණ පෙවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 28 වැනි අඟහරුවාදා දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශක 6කට අධික කාලයක් චිත්‍රපට සහ ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ජනතාව පිනවීම තරම් වෙන සතුටක් ඔහුට නොතිබූ බව TMZ වෙබ්අඩවිය වෙත අදහස් දක්වමින් කාමයින් කරීඩිගේ කළමනාකරු ප්‍රකාශ කර ඇත.
සිනමාපට කිහිපයක් අනවසරයෙන් පිටපත් කිරීම සහ බෙදා හැරීම යන චෝදනාවට වරදකරු වීම නිසා ඔහු 2004 දී ඇකඩමියෙන් (ඔස්කාර්) නෙරපා හරින ලදී.
එම සිදුවීම ගැන 2017 දී හොලිවුඩ් රිපෝටර් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ “ලබාගන්නට හැකියාවක් නැති මිනිස්සුන්ට මම ඒවා යැව්වේ,” යනුවෙනි.
“මම ගොඩ දෙනෙක් සතුටු කළා.”