ප්‍රවීන රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරු 4ට බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත යි.
ඇගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර තිබේ.
වේදිකා, සිනමා සහ ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ප්‍රවීන රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ මියයන විට වයස අවුරුදු 83 කි.
සිරිසේන විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට පිවිසි ඇය ගැහැණු ළමයි, කම්මුල් පහර, රන් තෝඩු, ඉරණම, ළඟින් ගියොත් ඇහැක් නෑ, පාලම යට, ගොලු හදවත, පරසතු මල් ඇතුළු සිනමාපට 150කට ආසන්න ප්‍රමාණයක් සඳහා රංගන දායකත්වය සපයා ඇත.
මෙරට පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු සඳහා ද රංගනයෙන් එක් වූ රංගන ශිල්පිනි චිත්‍රා වාකිෂ්ඨ කෝපි කඩේ ටෙලියේ සොමි නෝනාගේ චරිතයට වසර ගණනාවක සිට පණ පෙව්වා ය.