ඕටිස්ම් කියන්නේ මට ඈති “සුපිරි බලය” යි - ප්‍රනාව් භාක්ෂි
යම් ක්ෂේත්රයක් තුළ පවතින ඒකාකාරී ආකෘතිය බිඳ දමමින් ඉදිරියට ගමන් කරන්නාගේ නාමය කිසිදා ලොව මතකයන්ගෙන් වියැකී නොය යි.
ඉන්දීය මෝස්තර නිරූපණ ක්ෂේත්රය තුළ එවැනි සටහනක් තැබූ යෞවනයෙකි ප්‍රනාව් භාක්ෂි.
19 හැවිරිදි ප්‍රනාව් ඕටිස්ම් රෝගී තත්වයෙන් පෙළෙන එරට පළමු නිරූපණ ශිල්පියා වේ. ඒ වර්ණය, කුලය, ආගම වැනි සාධක මුල් කරගනිමින් මිනිසුන් පීඩාවට ලක් කෙරෙන සිදුවීම් බහුලවම දක්නට ලැබෙන ඉන්දියාව වැනි රටක, ඕටිස්ම් රෝගයෙන් පෙළෙන පුද්ගලයකුට නිරූපණ ලෝකය තුළ ඉඩක් නැතිය යන මිත්‍යා විශ්වාසය බිඳ හෙළමිනි.
ඕටිස්ම් කියන්නේ තමන්ගේ “සුපිරි බලය” බව ප්රනාව්ගේ නිළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් වේ.
නව දිල්ලියේ වෙසෙන මේ නිරූපණ ශිල්පියා ශරීර යෝග්‍යතාවය පිළිබඳව ද දැඩි උනන්දුවක් දක්වන්නෙකු බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සන්නකුට දැකගත හැකි ය. තමන් සිදු කරන ව්‍යායාම අභ්‍යාස දැක්වෙන වීඩියෝපට ඔහු නිරතුරුවම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කරන්නේ ය.
එසේම ඡායාරූපකරණයට ද ගොල්ෆ් ක්‍රීඩාවට ද ප්‍රනාව් දක්වන්නේ දැඩි කැමැත්ත කි.
අන්තර්ජාතික විලාසිතා සන්නාම සඳහා නිරූපණයේ යෙදීමට කැමැත්තක් දක්වන ඔහු මේ වනවිට ඉන්දියාවේ ප්රමුඛ පෙලේ මෝස්තර සන්නාම වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙයි.
අන්අය පවසන සෑම දෙයක්ම පුනරුච්චාරණය කරන රෝගී තත්වයකින් ද ප්‍රනාව් පෙළෙන නමුත් ඉලක්ක කරා යාමේ දී ඒ බාධා ඔහුට ඉනිමං පමණක් විය.