ප්රවීන ප්රංශ නළුවාට එරෙහි ලිංගික අපරාධ චෝදනා විමර්ශනය නවතයි
ප්රවීන ප්රංශ රංගන ශිල්පී ජෙරාඩ් දෙපර්දුට එරෙහිව එල්ල වූ ලිංගික අපරාධ චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු නවතා දැමීමට පැරිස් හි නීතිපති කාර්යාලය තීරණය කර තිබේ.
සාක්ෂි හිඟ වීම නිසා මෙම තීරණය ගත් බව 4 අඟහරුවාදා පැරිස් නීතිපති කාර්යාලය නිවේදනය කර ඇත.
තරුණ රංගන ශිල්පිනියකට ලිංගික අපරාධ සිදු කළ බවට පසුගිය වසරේ දී ඔහුට චෝදනා එල්ල වූ අතර 70 හැවිරිදි ජෙරාඩ් එම චෝදනා ප්රතික්ෂේප කර තිබුණි.
ප්රංශයේ ජනප්රිය චරිතයක් වන මේ ප්රවීන රංගන ශිල්පියා Cyrano de Bergerac, Jean de Florette, The Last Metro සහ Asterix and Obelix ඇතුළු සිනමාපට 150කට අධික ප්රමාණයක් සඳහා රංගන දායකත්වය සපයා ඇත.
Cyrano චිත්රපටයේ දැක්වූ රංගන කුසලතාවය නිසා 1990 කාන්ස් සිනමා උළෙලේ දී හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය ඔහු දිනා ගත්තේ ය. එම වසරේ ඔස්කාර් සම්මානය වෙනුවෙන් ද ඔහු නිර්දේශ විය.