පනහ පැන්නත් නළුවා උඩින්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී අක්ෂේ කුමාර් “සුර්යවංශි” නම් සිනමාපටයේ රූපගත කිරීම් සඳහා මේ දිනවල එක් වී සිටිනු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
51 හැවිරිදි ඔහු එම සිනමාපටය වෙනුවෙන් සිදු කළ ක්‍රියාදාම කිහිපයක් ගැනයි මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ.
එහිදී ඔහු කාර්යබහුල නගරයක් මැදින් යතුරුපැදියක් පැද යන ආකාරය වගේම හෙලිකොප්ටරයක එල්ලී රෝහිත් ෂෙට්ටි ලුහු බැඳ යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකට රසිකයින්ගේ වැඩි අවධානයක් යොමු වී තිබුණා.
හෙලිකොප්ටරයකින් පහලට එල්ලී සිටින ඡායාරුපයක් අක්ෂේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබු අතර, “අහම්බෙන් හෙලිකොප්ටරේකින් පහළට එල්ලුණා. සුර්යවංශි රූපගත කිරීම්වල තවත් එක් දවසක්,” යනුවෙන් එහි සටහන් කර තිබුණි.
“මෙය අත්හදා බලන්න එපා, සියලු ක්‍රියාදාම සිදු කෙරෙන්නේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ,” ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණි.
රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ වීර් සුර්යවංශිගේ චරිතයට අක්ෂේ පණ පොවන අතර කත්රිනා කායිෆ් ප්‍රධාන නිළිය ලෙස රංගන දායකත්වය සපයන්නී ය.