ප්රවීන සංගීතවේදී Dr John දිවියෙන් සමුගනියි
ග්රැමී සම්මානලාභී ඇමරිකානු ගායන ශිල්පී Dr John හෘදයාබාධයක් නිසා දිවියෙන් සමුගෙන තිබෙනවා.
එක්සත් ජනපද නිව් ඔර්ලියන්ස් හි උපත ලැබූ ඔහු 6 බ්රහස්පතින්දා මියගිය බව ඔහුගේ නිළ ට්විටර් ගිණුමෙහි සඳහන් වෙනවා.
“ප්රවීන සංගීතවේදී Malcolm John Rebennack, නොහොත් Dr John හෘදයාබාධයක් නිසා දිවියෙන් සමුගත්තේ ය,” යනුවෙන් එහි දැක්වේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 77 කි.
බ්ලුස්, පොප්, ජෑස්, බූගි වූගි සහ රොක් ඇන්ඩ් රෝල් යන සංගීත ශානර එකට එක්කාසු කළ මේ සංගීතවේදියා හය වතාවක් ග්රැමී සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
1950 ගණන් අග භාගයේ දී සංගීත දිවිය ඇරඹු Dr John සංගීත ඇල්බම් 30කට වැඩි ප්රමාණයක් නිකුත් කළ අතර එයින් තුනක් සඳහා ග්රැමී සම්මාන හිමිවිය. 2013 වසර තරම් මෑතකදී කළ “Locked Down” ඇල්බමය ද ඒ අතර වේ.