ලිංගික බලපෑම් කළැයි අවමානයට ලක්වූ හාවීට මැඩෝනාත් චෝදනා කරයි
අනවශ්‍ය ලිංගික බලපෑම් කිරීම සම්බන්ධයෙන් අවමානයට ලක්ව සිටින සිනමා නිෂ්පාදක හාවී වින්ස්ටන්ට එරෙහිව අලුතින්ම චෝදනා එල්ල කර සිටින්නේ ජනප්‍රිය ගායිකා මැඩෝනා යි.
ඔහුට එරෙහිව නැඟුණු ලිංගික අපරාධ චෝදනා පසුගිය වසරේ දී මහත් මතභේදයට හේතු විය.
මැඩෝනාගේ වාර්තා චිත්‍රපටය Truth or Dare නිර්මාණය කරන කාලයේ දී එනම්, 1991 දී වින්ස්ටන් “සීමා මායිම් පැන්නා” යැයි ඇය ප්‍රකාශ කර තිබේ.
ඇය නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ “අප එකට වැඩ කරන කාලයේ ඔහු මා කෙරෙහි දැඩි ලිංගික නැඹුරුවක් දැක්වූවා,” යනුවෙනි.
“ඒ කාලයේ ඔහු විවාහ වී සිටියේ සහ නිසැකවම මට ඔහු ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ.”
මේ වනවිට බලධාරීන් ඔහු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ඇගේ අස්වැසිල්ලට හේතු වී ඇති බව පුවත්පත් වාර්තාවේ දැක්වේ.
“ඉතින් අවසානයේ දී හරි ඒක සිද්ධ වුණා කියලා මට හිතුණා.”
“මම සතුටින් උද්දාමයට පත්වෙලා ඉන්නවා නෙවෙයි මොකද කෙනකුගේ විපතේ දී මම කවදාවත් සතුටු නොවන නිසා.”
“කොහොම නමුත් මම හිතන්නේ නැහැ එය හොඳ කර්මයක් කියලා.”