සමකාමි ලිංගික දර්ශන නිසා රොකට් මෑන් තවත් රටක තහනම් වෙයි
ප්‍රකට ගායන ශිල්පී එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ රොකට් මෑන් සිනමාපටය සැමෝවා රාජ්‍යය තුළ ප්‍රදර්ශනය තහනම් කර තිබෙනවා.
මිට හේතුව වී තිබෙන්නේ එම සිනමාපටයේ සමකාමි ලිංගික දර්ශන ඇතුලත් වීම යි.
ගුද හෝ මුඛ සංසර්ගය එරට තුළ නීති විරෝධී වන අතර එය වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි.
“සිනමාපටය මෙරට සංස්කෘතිය සහ ක්‍රිස්තියානි ඇදහිලිවලට අනුකූල නොවන” බව සැමෝවා හි වාරණ මණ්ඩලය එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
සැමෝවා හි ජනගහණයෙන් 97% ක්‍රිස්තියානි වන අතර සංස්කෘතිය සහ ක්‍රිස්තියානි ඇදහිලිවලට අනුකූල නොවන බව පවසමින් රට තුළ චිත්‍රපටයක් තහනම් කළ පළමු අවස්ථාව ද මෙය නොවේ. 2009 දී මිල්ක් චිත්‍රපටයත් 2006 දී ද ඩාවින්සි කෝඩ් චිත්‍රපටයත් එසේ තහනමට ලක්වූ නිර්මාණ වේ.
රුසියානු සිනමා සමාගමක් රොකට්මෑන් සිනමාපටයේ එන සමකාමි දර්ශන ඉවත් කිරීමට පසුගියදිනක තීරණය කර තිබු අතර එය ගායනවේදී එල්ටන් ජෝන්ගේ විවේචනයට ලක් විය.
ජනප්‍රිය කලාකරුවාගේ සංගීත දිවිය ගැන කියවෙන මෙම සිනමාපටයේ පුරුෂ ආලිංගන දර්ශන ඇතුලත් වේ. එසේම ඔහුගේ ස්වාමිපුරුෂයාගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ඡායාරූප ද ඇතුලත් වේ.