කොළඹ නාට්‍ය කථිකාව ජූනි කලාපය 25 වැනිදා
නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයක් වන කොළඹ නාට්‍ය කථිකාව මෙවර ජූනි 25 වැනිදා සවස 5 ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව “මියුනිච් හි ෆින්ජ් රංගශාලා” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය එදින සිදු කෙරේ.
වැඩසටහන මෙහෙයවීම නාට්‍යවේදී එම්. සෆීර් විසිනි.
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන්නා වූ මෙම නාට්‍ය කථිකාවට එක්වන මෙන් සංවිධායකයින් ආරාධනා කර සිටියි.
මේ ඒ සම්බන්ධයෙන් නාට්‍යවේදී එම්. සෆීර් මුහුණු පොතෙහි තැබූ සටහනක්.
“කොළඹ නාට්‍ය කථිකාව
අප වෙනසක් කරමු.... එක්වන්න..
රංගකලාවේ හෙට වෙනුවෙන්..
පසුගිය නාට්‍ය කතිකාව අති සාර්ථක විය. හිතුවාටත් වඩා බොහෝ පිරිසක් පැමිණ සිටියේය. දැන් දැන් මේ වටා පිරිස එක් රොක්වනු පෙනෙයි. අපි සතුටු වෙමු මේ සාර්ථකත්වය ගැන.
එසේම ස්තුති කරමු හැම කෙනාටම...මෙය සමාජාලය තුල, පුවත්පත්වල, ගුවන් විදුලියේ, රූපවාහිනිවල, වෙබ් අඩවිවල, ආදි හැම තැනකම හුවමාරු කලාට... අප වෙනසක් කරමු.... එක්වන්න.. රංගකලාවේ හෙට වෙනුවෙන්..
කොළඹ නාට්‍ය කථිකාව යනු නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයකි. එම අවකාශයේදී නාට්‍ය විද්‍යාර්ථයන්, අධ්යක්ෂවරුන්, රචකයන් නලූ නිළියන්, විචාරකයන්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා කළමණාකරුවන්, සිසුන් සහ පේ්රක්ෂකයන් ආදී සියලූ දෙනා එක් අවකාශයකට එක්වී නාට්‍ය කලාවේ නිම් වළලූ පුලූල් කිරීම උදෙසා සංවිධානය කරනු ලබන්නාවු කථිකාවකි.
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කථිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ සංවාද මාලාව 2017 සිට යළි ආරම්භ කර අති සාර්ථකව පැවැත්විණි. මෙම කථිකාව මෙම මස අවසන් අගහරුවාදා සවස 5 සිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම නාට්‍ය කතිකාව සඳහා නාට්‍ය කලාවට අදාල විඩියෝපට ප්‍රදර්ශනය කරන අතර, ඉන් අනතුරුව සංවාදය පැවැත්වේ.
මියුනිච් හි ෆින්ජ් රංගශාලා
චමත්කාර රාජකීය මියුනිච් අග නගරයේ රජය සහ නගර සභාව මගින් අධික ලෙස මුදලින් උපකාර කරන්නාවු රංග ශාලා අතර කම්පනය ඇතිකරන, නිර්මාණාත්මක සහ විටක ආන්දෝලනාත්මක නිෂ්පාදන ඉදිරිපත් කරන්නාවු නිර්භීත ෆ්රන්ජ්+ රංග ශාලා ද පසු ගිය 20 වසර තුළ මියුනිච් නගරයේ පැවැත්විණි. මියුනිච් නගර සභාවේ සහ නගරයේ සහයෝගය දක්වන්නන්ගේ කැමැත්තකින් තොරව වුවත් තරමක හෝ ඉතා අවම සහයෝගයක් ලබමින් ජීවත් වීමට අවමයක් ඇතිව ඔවුන් පැවැතුනහ.
මෙම කුඩා රංගකලා වසරින් වසරට, නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට තම පැවැත්ම ගැට ගසා ගනිති. මෙම වාර්තා චිත්‍රපටය මියුනිච් ෆ්රින්ජ් රංග ශාලාවල ඉතාමත්ම වැදගත්, අස්වාභාවික සහ නිර්මාණාත්මක සංකේත තුනක් හඳුන්වා දෙයි. එනම් ඇනට් ස්පෝලා - තිරිහන් වෙමින්, අමුතු ආකාරයට සිතන සහ පෙනුමෙන් ද එසේ වන ෂ්වෝබින්ග් දිස්ත්‍රික්කයේ ආයතනය, ඇලෙක්ස් සේගේර, දේව කරුණාවෙන්, පෞරාණික සහ පොලොවෙහි පය ගැසු සහ ඒ සමගම ඉදිරියට යන බැවේරියානු ශිල්පියෙක් සහ කර්ට් බිල්ඞ්ස්ට්යින් සහ ජෝර්ජ් ෆෝශර් මනඃකල්පිත අවකාශ, විශිෂ්ඨ ගවේශකයන් සහ ශ්‍රේෂඨ නවෝත්පාදකයින් පිලිබඳව විග්රහයක යෙදෙයි.