අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් අගෝස්තු 31 ට පෙර නිම කරන්න - ජනපති
ආචාර්ය පණ්ඩිත අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් නිම කර අගෝස්තු 31 වැනිදා වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එහි ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මෙම උපදෙස් ලබා දී ඇත.
එම අවස්ථාවට මහාචාර්ය සුනිල් ආරියරත්න, විමලා අමරදේව ඇතුළු පිරිසක් එක්ව තිබේ.
බත්තරමුල්ල අපේගම ආසන්න නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භුමි භාගයක මෙම සංගීත අසපුවේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කළේ 2017 වසරේ අගෝස්තු මස දී ය. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200 කි.