සරාගී නිළි සනී ලියෝනි කියලා හිතලා මට දවසට කෝල් සිය ගාණක් එනවා
සිය දුරකථන අංකය වැරදීමකින් බොලිවුඩ් සිනමාපටයක් ඔස්සේ ප්රසිද්ධියට පත් වීම නිසා දිනකට දුරකථන ඇමතුම් විශාල ප්රමාණයක් ලැබීමෙන් තමන් දැඩි අපහසුතාවයට සහ වෙහෙසට පත්ව සිටින බව පුද්ගලයෙක් ඉන්දීය BBC සේවයට ප්රකාශ කර තිබෙනවා.
2019 ජූලි මස තිරගත කළ Arjun Patiala නම් චිත්රපටයේ එක් දර්ශනයකදී බොලිවුඩ් නිළි සනී ලියෝනි මෙම දුරකථන අංකය පවසන අතර එම අංකයේ සැබෑ අයිතිකරු වන්නේ 26 හැවිරිදි ඉන්දීය ජාතික පුනීත් අගර්වාල් ය.
චිත්රපටය ප්රදර්ශනය ආරම්භ කළ දින පටන් තමන්ට දිනකට ඇමතුම් 100 කට වැඩි ප්රමාණයක් ලැබෙන බව ඔහු පවසයි.
“මම දැන් හීනයක්වත් දකින්නේ නැහැ. ෆෝන් එක උදේ 4 වෙනකම් වදිනවා.”
මේ හේතුවෙන් චිත්රපටයේ අදාළ දර්ශනය සංස්කරණය කරන මෙන් ඉල්ලා නීතිමය පියවර ගැනීමට අගර්වාල් කටයුතු කරමින් සිටියි.
හිටපු ඇමරිකානු නිල් චිත්රපට නිළි සනී ලියෝනිගේ බොලිවුඩ් ආගමනය මෑතකදී සිදු වූ අතර ඇය සරාගී ත්රාසජනක සහ වැඩිහිටි ප්රහසන චිත්රපට සඳහා රංගනයෙන් එක් වී ඇත. බොහෝ විට ඇය නිරූපණය වන්නේ සරාගී සංකේතයක් ලෙස ය.
මේ නිසා චිත්රපටය ඔස්සේ ප්රසිද්ධ වුණු දුරකථන අංකය සනී ලියෝනිගේ සැබෑ දුරකථන අංකය ලෙස වරදවා ගෙන පුනීත් අගර්වාල්ට ඇමතුම් ලබාදීම බාගදා පුදුමයට කරුණක් නොවනු ඇත.
පුනීත් අගර්වාල්ට