ප්රකාශන හිමිකම් උල්ලංඝනය කළ කේටි පෙරීට දඩයක්
ජනප්රිය ඇමරිකානු ගායන ශිල්පිනි කේටි පෙරී 2013 දී එළිදැක්වූ “ඩාක් හෝස්” ගීතයෙන් ලැබූ ආදායමෙන් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ පනස්දහසක මුදලක් ෆ්ලේම් නම් රැප් ගායකයාට ගෙවන මෙන් එරට අධිකරණයක් නියෝග කර තිබේ.
එම මුදල, සිය ගීතයක් උපුටා ගැනීම සම්බන්ධයෙන් කේටිට එරෙහිව නඩු පවරා ඉන් ජයගත් ෆ්ලේම්ට හිමිවන ඩොලර් මිලියන 2.7ක මුදලින් කොටසකි. කැපිටල් රෙකෝඩ්ස් නම් ඇයගේ සංගීත ලේබලයට අදාළ මුදලින් වැඩි ප්රමාණයක් ගෙවීමට සිදු වේ.
කේටි, ඇයගේ නිෂ්පාදකයින් සහ ගීත රචකයින් ප්රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇති බවට අධිකරණය තීන්දු කළේ පසුගිය සතියේ දීය. කෙසේ නමුත් සාක්ෂි දෙමින් ඇමරිකානු ගායන ශිල්පිනිය පවසා තිබුණේ රැප් ගායක ෆ්ලේම් 2009 දී නිර්මාණය කළ “ජෝයිෆුල් නොයිස්” නම් ගීතය “ඩාක් හෝස්” ගීතය පටිගත කිරීමට පෙර කිසිදිනක අසා නොමැති බවට යි.
සබැඳි පුවත්