“එහෙම නොවුණු එහෙම දෙන්නෙක්” සහ “මගේ අනෙකා” ගැන සංවාදයක්
අජන්තා විජයවර්ධනගේ “එහෙම නොවුණු එහෙම දෙන්නෙක්” සහ අමිල චින්තක ගමගේගේ “මගේ අනෙකා” කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය සහ සංවාදය අද (06) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිත ය.
සවස 4 ආරම්භ කෙරෙන මෙම වැඩසටහන සවස 6 දක්වා පැවැත්වේ.
සංවාද දායකත්වය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, විචාරක බූපති නලින්, ලේඛක මිලින්ද රාජපක්ෂ, විචාරක ප්‍රියන්ත කොඩිප්පිලි, විචාරක ගුණසිරි සිල්වා සහ විචාරක ඩිල්ෂානි චතුරිකා දාබරේ විසින් වන අතර වැඩසටහන මෙහෙයවීම ගාමිණී කන්දේපොළ විසිනි.
විමසීම්: 0775554365