“විෂම භාග” ආසියානු සිනමා සම්මාන උළෙලේ දී ජයග්රහණයක් අත්කරගනියි
ලලිත් රත්නායක අධ්යක්ෂණය කළ විෂම භාග සිනමාපටය ආසියානු සිනමා සම්මාන (Asian Cinematography Award) උළෙලේ ජූලි කාණ්ඩයේ ජයග්රාහකයන් අතරට එක්වෙමින් හොඳම වෘතාන්ත සිනමාපටය ඇතුළු සම්මාන සහතික හතරක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව හිමිකරගත් සෙසු සම්මාන වන්නේ හොඳම සහය රංගන ශිල්පියා (ජැක්සන් ඇන්තනි), හොඳම කැමරා අධ්යක්ෂණය (පාලිත පෙරේරා), හොඳම අධ්යක්ෂණය (ලලිත් රත්නායක) යන සම්මාන යි.
ආසියානු සිනමාකරුවන් දිරි ගැන්වීම සහ ප්රවර්ධනය කිරීමේ අරමුණින් Cinematography Awards නම් පදනම විසින් සංවිධාන කරනු ලබන මෙම සම්මාන උළෙල සඳහා මාසිකව ජයග්රාහකයින් තෝරාපත් කරගන්නා අතර මාසයේ හොඳම චිත්රපටය ලෙස ජූරිය නම් කරන නිර්මාණය අවසන් වටය සඳහා නිළ සුදුසුකම් ලබයි. එසේ නිළ සුදුසුකම් ලබන සිනමාපට එළඹෙන වසරේ පෙබරවාරි මස පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන සිනමා සම්මාන උළෙලේ දී ප්රදර්ශනය කිරීමට නියමිත ය. එම අවසන් වටයට නිර්දේශ ලත් නිර්මාණ අතුරින් ජයග්රහණය හිමිකරගන්නා චිත්රපටය “ගෝල්ඩන් ඊගල්” සම්මානයෙන් පිදුම් ලැබේ.