අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා කෙරෙන සමීක්ෂණයට ග්රන්ථ භාරදීම කටයුතු කරන ලෙස ලේඛක ලේඛිකාවන්ගෙන් එම අමත්‍යංශය ඉල්ලා සිටියි.
2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සඳහා 2016 වර්ෂය තුළ ප්‍රකාශිත ග්රන්ථ සමීක්ෂණය කෙරෙන අතර සමීක්ෂණ ක්‍රියාවලිය වඩා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ලේඛක ලේඛිකාවන් හා ග්රන්ථ ප්‍රකාශක භවතුන්ට සෘජුවම ග්රන්ථ භාරදීම සඳහා අවස්ථාව සලසාදීමට මෙවර තීරණය කොට තිබේ.
ඒ අනුව 2016 වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට එම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දින දක්වා අතර කාලය තුළ පළමු වරට මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද පිටු 48 වඩා වැඩි ග්රන්ථ , එක් ග්රන්ථකින් මුද්‍රිත පිටපත් (02) දෙක බැගින් සමීක්ෂණය සඳහා බාරගනු ලැබේ.
මෙම ග්රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් බාරදීමට පුළුවන. ග්රන්ථ බාරගැනීමේ අවසාන දිනය 2017 පෙබරවරි මස 28 වැනිදාය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා වන ග්රන්ථ සමීක්ෂණයට පහත සඳහන් විෂය ක්ෂේත්‍ර යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ප්‍රකාශිත ග්රන්ථ භාර ගැනේ.
- ස්වතන්ත්‍ර නවකතා
- ස්වතන්ත්‍ර කෙටිකතා
- ස්වතන්ත්‍ර පද්‍ය කෘති
- ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘති
- ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහ
- ස්වතන්ත්‍ර නාට්‍ය
- ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ
- ළමා සාහිත්‍ය කෘති (මුද්‍රිත පිටු 16කට නොඅඩු විය යුතුය)
- ශාස්ත්‍රීය හා පර්යේෂණ
10. පරිවර්තන නවකතා
11. පරිවර්තන කෙටිකතා
12. පරිවර්තන පද්‍ය කෘති
13. පරිවර්තන නාට්‍ය
14. පර්වර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ
15. විවිධ විෂයක ග්රන්ථ
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න.
දුරකථන අංක : 0112 872030 / 0112 872031