බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබෙනවා.
සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු ලෙසද ඔහු කටයුතු කළා.
සර් ජෝන් හන්ට් මිය යන විට 77 වැනි වියේ පසු වුණා.
2015 වසරේදි ඔහු සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදුන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
නාට්‍ය ක්ෂේත්රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට් පදවියක්ද පිරිනමනු ලැබුවා.
දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.