හමුදාවට සමච්චල් කළ කවි කණ්ඩායමක් සිරගත කරයි
රටේ හමුදාව සමච්චලයට ලක් කළ නිසා උපහාසාත්මක කාව්‍යකරණයේ නිරත වූ මියන්මාර කවි කණ්ඩායමක සාමාජිකයින් පස් දෙනකු සිරගත කර තිබේ.
කවි ගායනය, ප්‍රහසනය සහ නර්තනය මුසුවූ “තන්ග්යාත්” නම් සම්ප්‍රදායික කලා අංගයක් ඉදිරිපත් කළ පසු “පීකොක් ජෙනරේෂන්” නම් කණ්ඩායම අත්අඩංගුවට පත්වුයේ පසුගිය අප්‍රේල් මස දී ය.
හමුදාව අවතක්සේරුවට ලක් කිරීම යන චෝදනාව යටතේ කේ ඛයින් ටුන්, සේ යර් වින්, පයින් යෝ මින්, පයින් යේ තු සහ සෝ ලින් තුත් යන නිර්මාණකරුවන් වරදකරුවන් වූ අතර එක් අයකුට වසරක සිර දඬුවමක් නියම වී ඇත.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කලා අංගය සජීවීව විකාශය කළ සාමාජිකයින් තිදෙනෙක්ට අමතර චෝදනා ද එල්ල විය.
ඔවුන්ගේ “තන්ග්යාත්” ඉදිරිපත් කිරීම මඟින් පාර්ලිමේන්තුව තුළ හමුදා බලය යෙදවීම විවේචනය කර ඇති අතර හමුදා ඇඳුමක් ඇඳගත් බල්ලකුගේ පින්තුර නරඹන්නන්ට පෙන්වා ඇත.