ශ්‍රී සුගත අභයදාන සංගමයට දහහතරයි, කලාකරුවන් රැසකට උපහාර
ශ්‍රී සුගත අභයදාන සංගමයේ දහහතර වැනි සංවත්සර සැමරුම නොවැම්බර් 5 වැනිදා සවස පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.
එහි සභාපති පූජ්‍ය මිගහවෙල සුමන ශාන්ත ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම, පොත්පත්, රෝද පුටු බෙදා දීම, කලාකරුවන්ට සම්මාන පිරිනැමීම ආදී කර්තවයන් රාශියක් සිදු කිරීමට නියමිත ය. මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ප්‍රවීන රංගනවේදී සනත් ගුණතිලක, රංගන ශිල්පී ජයලාල් රෝහණ සහ භූපාල් ලක්දාස් ප්‍රනාන්දු මෙදින දේශනයන් පවත්වනු ඇත.
පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, ජේය්ෂ්ඨ කලාකරු විජයරත්න වරකාගොඩ, ලැම්බට් පෙම්මාවඩු (හඳමාමා), දයා නෙල්ලම්පිටිය, නිහාල් නෙල්සන්, සුනිල් අරුණ වීරසිරි, භුපාල් ලක්දාස් ප්‍රනාන්දු මෙහිදී ඇගයීමට පාත්‍ර වේ. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් ගයන එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය මිගහවෙල සුමන ශාන්ත හිමියන් විසින් රචනා කළ අතර මෙදින එම ගීතය ද නිහාල් නෙල්සන් විසින් ගායනා කරනු ලබ යි.
සරසවිය