විසාකේසගේ "පාංශු" අද ඉන්දියාවේ ගුවහාටි අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත කෙරේ
ඊසාන දිග ඉන්දියාවේ පැවැත්වෙන සිනමා උලෙළ අතුරින් වාර්ෂිකව වැඩිම සිනමාපට සංඛ්‍යාවක් තිරගත කෙරෙන අන්තර්ජාතික සිනමා උලෙළ ලෙසට සැලකෙන ගුවහාටි අන්තර්ජාතික සිනමා උලෙළේ (Guwahati International Film Festival) 03 වෙනි අදියර ඊයේ ගුවහාටිහී ශ්රීමන්තා සංකර්දේව අන්තර්ජාතික ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ අතර, මෙහිදී එම සිනමා උලෙළ නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකීය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්වෙමින් විසාකේස චන්ද්‍රසේකරන්ගේ "පාංශු" චිත්‍රපටය අද (නොවැම්බර් 01) උදෑසන 10.30 ට උලෙළේ දී තිරගත වේ.
විදේශීය සිනමාපට උදෙසා වෙන්වූ 'ජගත් සිනමාව'' (World Cinema) නම් වූ අංශය යටතේ "පාංශු" චිත්‍රපටය උලෙළ නියෝජනය කරන අතර, "පාංශු" චිත්‍රපටයට අමතරව රටවල් 65 කට ආසන්න සංඛ්‍යාවකට අයත් සිනමාපට 105කට ආසන්න සංඛ්‍යාවක් ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 06 වෙනිදා දක්වා උලෙළේ දී තිරගත කෙරේ.
2019 වර්ෂයේ කැනඩාවේ පැවති කැනඩා අන්තර්ජාතික සිනමා උලෙළේ දී 'රෝයල් රීල් සම්මානය', ප්‍රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උලෙළේ දී 'හොඳම රංග වස්ත්රාභරණ' හා 'විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශයේ හොඳම නිළිය' සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ගෝල්ඩන් ඩෝ(ර්) අන්තර්ජාතික සිනමා උලෙළේ දී 'හොඳම සහාය නළුවා' යන සම්මානයන්ගෙන් පිදුම් ලද "පාංශු" චිත්‍රපටය නියෝජනය කරන 14 වෙනි ජාත්‍යන්තර සිනමා උලෙළ මෙය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි