ප්‍රවීන රංගනවේදිනි චන්ද්‍රා කළුආරච්චි දිවි ගමනින් සමු ගනියි
ගුවන්විදුලියේ, වේදිකාවේ, රූපවාහිනීයේ සහ සිනමාවේ ප්‍රබල චරිත මැවූ ප්‍රවීන රංගනවේදිනි චන්ද්‍රා කළුආරච්චි මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 76 හැවිරිදි වියේ පසුවූ ඇය ප්‍රවීන ගායනවේදී ලක්ෂ්මන් විජේසේකරගේ ආදරණිය බිරිඳ වන අතර රංගනශිල්පීනි අමා විජේසේකරගේ මව යි.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.
රංගනවේදිනි චන්ද්‍රා කළුආරච්චිගේ අභාවය පිළිබඳ මිරර් ආට්ස් අපගේ සාතිශය ශෝකය මෙයින් පළ කර සිටිමු.