“ග්‍රේෂියන් සම්මානය 2019” සඳහා නිර්මාණ බාර ගැනේ
ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් සම්මානය 2019” සඳහා නිර්මාණ කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මුල් වරට 2019 දී පළ කළ හෝ මෙතෙක් පළ නොකළ සහ ප්රකාශනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ඉංග්‍රීසි බසින් ලියවුණු නවකතා, කෙටිකතා එකතු, කවි, වේදිකා නාට්‍ය මෙන්ම ස්වයං චරිතාපදාන, චරිතාපදාන ඇතුළු අනෙකුත් නිර්මාණාත්මක ලිවීම් ත්‍යාගය සඳහා සුදුකම් ලබ යි.
නිර්මාණ බාර ගන්නා අවසන් දිනය වන්නේ 2019 දෙසැම්බර් 31 වැනිදා ය.
බුකර් සම්මානයෙන් පිදුම් ලද ‘The English Patient’ ග්රන්ථයට හිමි වූ ත්‍යාග මුදල යොදවමින්, මයිකල් ඔන්ඩාචි නම් වූ ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික කතුවරයා විසින් 1992 වසරේ දී ග්‍රේෂියන් සම්මානය පිරිනැමීම ආරම්භ කරන ලදී. එතුමාගේ මෑණියන් වූ ඩොරිස් ග්‍රේෂියන් වෙනුවෙන් නම් කරන ලද එම සම්මානය ලබා දීමේ අරමුණ වන්නේ ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි යෙදෙන ලාංකිකයන් උනන්දු කරවීම යි. ආරම්භයේ පටන් මේ තාක් “ග්‍රේෂියන් සම්මානය” වාර්ෂිකව පිරිනැමේ.
වැඩි විස්තර සඳහා www.gratiaen.com වෙබ් අඩවියට පිවිසෙන්න.