බර්ජ් කලීෆා ශාරුක් වෙනුවෙන් ආලෝකමත් වෙයි
ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල පසුගිය සෙනසුරාදා(2) දින බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ නමින් ආලෝකමත් වුණා.
එදිනට යෙදී තිබුණු කිං ඛාන්ගේ 54 වැනි උපන් දිනය වෙනුවෙන් තමයි බර්ජ් කලීෆා මෙලෙස ආලෝකමත් වුණේ. එහි “Happy Birthday to the king of Bollywood Shah Rukh Khan” යන උපන්දින පණිවිඩය ප්රදර්ශනය කිරීමට ද ගොඩනැගිල්ලේ පාලක මණ්ඩලය කටයුතු කර තිබුණා. ඒ වගේම “ඕම් ශාන්ති ඕම්” සිනමාපටයේ ගීතයක් ද වාදනය කිරීමට ඔවුන් කටයුතු කළා.
සිය ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි සටහනක් තබමින් ශාරුක් ඛාන් මේ ගැන සිය සතුට ප්රකාශ කිරීමට ද අමතක කර තිබුණේ නැහැ.
ඒ වගේම සුපුරුදු පරිදි එදින ඔහුට උපන්දින සුබ පැතුම් එක්කරන්නට දස දහස් ගණනින් රසික රසිකාවියන් මුම්බායි නුවර මන්නත් මන්දිරය කරා එක්රැස් වී තිබුණා. එදින එම ස්ථානයට අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට ද සිදුව තිබුණේ පැමිණෙන විශාල ජනකාය පාලනය කරන්න.