ලාහෝර්: 2019 ආසියා සාම සිනමා උලෙළට ලංකාවෙන් කෙටි චිත්රපට දෙකක්
ෆාතිමා ශනාස්ගේ “Hope” සහ විමල් රාජ්ගේ “Citizeanship” යන කෙටි චිත්රපට දෙක ලාහෝර්:ආසියා සාම සිනමා සම්මාන උලෙළ 2019 වසර තුන්වැනි අදියරට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව Citizeanship නොවැම්බර් 20 වැනිදා සහ Hope නොවැම්බර් 21 වැනිදා උලෙළේ දී ප්රදර්ශනය කෙරේ.
ලාහෝර්:ආසියා සාම සිනමා සම්මාන උලෙළ තුන්වැනි අදියර 2019 නොවැම්බර් 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පකිස්ථානයේ ලාහෝර් නුවර දී පැවැත්වේ.
රටවල් 40 ක් නියෝජනය කරමින් කෙටිචිත්රපට, සජීවිකරණ, වාර්තාමය සහ සංගීත වීඩියෝ යන අංශ 4ක් යටතේ නිර්මාණ 360කට වැඩි ප්රමාණයක් උලෙළට ඉදිරිපත් කර තිබු අතර තෝරාගත් නිර්මාණ 125කට වැඩි ප්රමාණයක් උලෙළේ දී ප්රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.