සංරක්ෂණය කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරය ලබන 06 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ලේ මෙතෙක් සිදු කරන ලද විශාලතම සංරක්ෂණ ව්‍යාපෘතිය වූ මේ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වැයවී ඇති බව සඳහන්.
ඒ අනුව ලබන 06 වනදා සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ සියලුම මැදිරි නැරඹීමේ අවස්ථාව ජනතාවට උදාවන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විවෘත කිරීමේ උත්සවය (6) දින පෙරවරු 9.30ට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි. නාවින්නගේ ප්‍රධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.