අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේදී උසස් ප්‍රමිතියකින් යුත් සිංහල නවකතා, කෙටිකතා, පද්‍ය සංග්‍රහ, ළමා කතා සහ සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, කලාව, සෞන්දර්ය, ජනශ්රැති යන විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය හෝ පර්යේෂණ ග්රන්ථ ආදී ග්රන්ථ රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත්කර එම නිර්මාණ ක්ෂේත්රවල නිරතව සිටින නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කොටගෙන ජාතික අත්පිටපත් තරගයක් සංවිධානය කිරීමට තීරණය කර ඇත.
මෙම තරගය සඳහා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගීවිය හැකි අතර තරග සඳහා ඉදිරිපත් කරනු ලබන අත්පිටපත් මෙයට පෙර කිසිම අවස්ථාවක කිසිම ආකාරයකින් මුද්‍රණය කළ කෘතියක් නොවිය යුතුය. එක් තරගකරුවෙකුට එක් තරග ශීර්ෂයක් යටතේ එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර එක් තරගයකට හෝ සියලු තරග සඳහා ඉදිරිපත්විය හැකිය. අත්පිටපත්, තරගකරුගේම නිර්මාණයක් විය යුතුය.
නිර්මාණ බාරගැනීම 2017 මැයි 31 වැනි දින අවසන් වන අතර මෙම තරගය පිළිබඳ වැඩි විස්තර හා කොන්දේසි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011-2882667 දුරකථනයෙන් ලබාගත හැකිය.