සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදි මත නැතිවී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑයාමේ ...
නන්දා මාලනීය ගායනා කරන ලස්සනම ගීතයක් තමයි සකුරා මල් පිපිලා හරි පුදුමයි… ගීතය.
නන්දා මාලනීයට ඇත්තටම සකුරා මල් පිපිලා දකින්ට ලැබිලා ඒ සතුටට ඇයට සකුරා මල් පිපිලා ගීතය කියවෙනවා.
ජපානයේ කළ සංචාරයක් අතරතුර දී ගත්ත මේම විඩීයෝව උපුටා ගත්තේ මිරර් ආර්ට්ස් සොඳුරු සහෘර්දයෙක් වන සමන් අතාවුදහෙට්ටි ගෙන්.
මේ ගීතය ගැන යම් සටහනකුත් සඳහන් කරන්නට කැමතියි.
සුනිල් ආරියරත්න පද රචනයක් වන සකුරා මල් පිපිලා 1971 කැරැල්ලට උත්තේජනයක් සැපයු බවද පැවසෙනවා.
එම හේතුව නිසාම එකල ගීතය සඳහා ගුවන් විදුලියේදී වාරණයටත් ලක්වුණා.
සුනිල් ආරියරත්න මහතා පවසන පරිදි මේ ගීතය එකල පැවති ඒකාකාරී ගීත සම්ප්රදායට එරෙහිව විප්ලවීය ස්වභාවයක් මතු කිරීම සඳහා ලියන ලද්දක් බවයි.