"බැට් මෑන්" චිත්රපට මාලාවේ අලුත්ම චිත්රපටය වන ‘Batman V Superman : Dawn of Justice’ හි බැට්මෑන් ලෙස රඟන බෙන් ඇෆ්ලෙක් මේ සුපිරි වීරයාගේ ඇඳුම වෙනසකට ලක්කළ යුතු බව පවසනවා.
ඔහු එවැනි අදහසක් ප්රකාශ කර ඇත්තේ ‘බැට් මෑන්’ චරිතයට නිර්මාණය කළ ඇඳුම හේතුවෙන් රඟපෑම දුෂ්කර කාර්යයක් වී ඇති නිසයි.
මෑතකදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ 44 වියැති ජනප්රිය නළුවා තවදුරටත් පවසා ඇත්තේ, “බැට් මෑන්ගේ ඇඳුම නවීකරණය කළානම් හොඳයි. මොකද, දැන් තියෙන ඇඳුම අපට ඇඳගන්නත් අමාරුයි, ගලවගන්නත් අමාරුයි. ලේසියෙන් ඇඳගෙන රඟපාලා, ලේසියෙන්ම ගලවලා දාන්න පුළුවන් ඇඳුමක් තමයි ඕනෙ. ඒ වගේම රඟපාද්දි ඇඟට අපහසුවක් නොදැනෙන ඇඳුමකුත් වෙන්න ඕනෙ” යනුවෙනි.