ඔබ සැමට සුබ නත්තලක් වේවා!
ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ.
ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීහු අද මේ අසිරිමත් උපන් දිනය සමරති.
සීතල රැයක ගව මඩුවක ජේසු කුමරු උපත සිදුවූ බවත් එතුමන්ට සුව පහසු යහනාවක් හෝ පළඳවන්නට සිනිඳු සේල හෝ නොතිබූ බවත් නිහඬව නිහතමානීව සිදුවූ මේ උපතේ දී අසල සිටියේ දිළිඳු ගොපලුන් බවත් කතෝලික දහමේ සඳහන් කරයි.
නත්තල තුළින් මුළු ලොවටම කියා සිටින්නේ සාමයේ පණිවිඩය යි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නාසරතයේ මරියා ට දාව උපන්නේ මිනිස් සංහතිය පාපයෙන් ගලවා ගැනීමට බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසය යි.
සාමය, සහජීවනය, සෞභාග්‍ය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙන අසිරිමත් නත්තල් උදාවක සොම්නස ශ්‍රී ලංකාවාසී සැමට නොඅඩුව අත්පත් වේවා යි මිරර් ආට්ස් අපි පතමු!