කි.මී. 160 ක දුරක් ගංගාවක් පිරිසිදු කල අසාමාන්‍ය මිනිසා
Kali Bein යනු ඉන්දියාවේ අපිරිසුදුම ගංගා අතරින් එකකි. එය පිහිටා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ ය. Baba Balbir Singh Seechewal මෙම පරිසර ඛේදවාචකය පිළිබඳව කනස්සල්ලෙන් පසුවූ පන්ජාබ් සීක් ජාතිකයෙකි. 2007 වසරේදී එම ගංගාවට මුහුවන කුඩා ඇල දොල පිරිසිදු කිරීමෙන් තම අසාමාන්‍ය කරතව්යයකට ඔහු අත ගැසීය.
තමන් ස්වේච්ඡාවෙන් ගංගාව පිරිසිදු කිරීම ආරම්භ කිරීමත් සමගම ගංගා ඉවුරේ මල් වර්ග පලතුරු පැල ද රෝපණය කළේ ය. ඔහුගේ මෙම උසස් මානව ගුණාංගය පිළිබඳව වටහා ගත් තරුණ තරුණියන් ඔහු වටා රොක් විය. Baba Balbir Singh Seechewalගේ මුහුණු පොත හරහා ගංගාව පිරිසිදු කිරීමේ වැඩ සටහන පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කළේ ය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගංගාවේ දිගින් කි.මී. 160 ක් ඔහුගේ නායකත්වය වටා රොක් වූ පිරිස විසින් පිරිසිදු කරන ලදී. එකතැන පල්වෙමින් දුර්ගන්දය වැපිරූ ගංගාව ඉන්පසු පිරිසිදු ජල පහරක් සේ ගලා ගියේ ය. එය දැකීමෙන් තමන් යළි තරුණයෙකු බවට පත් වූ බව Indian Express පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා ඇත. මේ වන විට එම ගංගාවේ ජලය මිනිස් අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම වෙනුවෙන් ද විශේෂිත වැඩ පිළිවෙලක් සකසා ඇත. මෙම උතුම් ක්‍රියාව ඉන්දීය රජය විසින් පැසසුමට ලක් කළ අතර ඉන්දියාවේ ගංගා ,බ්‍රහ්මපුත්‍ර ඇතුළු අතිශය දූෂිත ගංගාවන් පිරිසිදු කිරීමේ කටයුත්ත ද මෙම අසාමාන්‍ය කැපවීමක් කළ මිනිසා වෙත වර්තමානයේ භාරදී ඇත. Time සඟරාව විසින් Heroes of the Environment ලෙස නම් කළ අතර ඉන්දියානු සමාජයෙන් විවිධ සම්මාන ගරු බුහුමනට ඔහු පාත්‍ර විය.
උපුටා ගැනීම- Russell CP Bandarawatta ෆේස්බුක් ගිණුමෙන්