ශ්‍රී ලාංකේය සිනමාවේ සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවආරච්චි සිනමාවෙන් ටෙලි නාට්‍ය සඳහා පිවිසිමට ඉඩකඩක් පවතින්නේ යැයි යන්න ඉඟියක් පළ කර සිටියාය.
ඒ වසර 50ක සිනමා රංගන ජීවිතය තුළ ශ්‍රී ලාංකේය සිනමාවට සිදුකළ සේවය පසසනු වස් ජාතිත රූපවාහිනි නාලිකාවේ ‘නුගසෙවන’ සමඟ පැවති කාතබහක් අතරතුර නිවේදකයා විසින් යොමු කළ පැනයට පිලිතුරැ ලබා දෙමිනි.
මේ වනතුරැත් කිසිදු ටෙලි නාට්‍යකට දායකත්වයක් දක්වා නැති ඇය ඇගේ ටෙලි නාට්‍ය ආගමනයක් සිදුවන්නේ නම් ඒ කෙසේ සිදුවෙවි දැයි යන්න පැහැදිලි කර සිටියාය.
ටෙලිනාට්‍ය සම්බන්ධෙයන් ලෝකය ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති බවත් ඒ සමඟ අපත් ඉදිරියට ගමන් කිරීමත් කළ යුතු බවත් එසේම තමන්හට හොද ටෙලිනාට්‍යක්, හොද අධ්යක්ෂකවරෙයක්, හොද තිරපිටපතක් ලැබෙන්නේ නම් හා තමාට එය කළ හැකියි යන විශ්වාසය ත් තිබෙන්නේ නම් ඇය ඒ සඳහා සූදානම් බව ස්වර්ණා මල්ලවආරච්චි පවසා සිටියාය.