ප්‍රවීන ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි
කීර්තිමත් ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වී තිබේ.
85 හැවිරිදි කලාවේදියා පසුගිය ඉරිදා (29) එරට ග්ලාස්ගෝ නුවර ක්වින් එලිසබෙත් රෝහලේ දී මියගිය බව ඔහුගේ ප්‍රකාශක තහවුරු කර ඇත.
සම්මාන දිනූ කෘතියක් වන Poor Things (1992) සහ Lanark (1981) ඇලස්ඩෙයා ග්‍රේ විසින් ලියන ලද කෘති වේ. Poor Things 1992 වසරේ දී ගාඩියන් ෆික්ෂන් සහ විට්බ්‍රෙඩ් සාහිත්‍ය සම්මාන ද්විත්වය දිනාගැනීමට සමත්විය.
ඇලස්ඩෙයා ග්‍රේ ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන බැවින් අවසන් කටයුතු නොපවත්වන බව ඔහුගේ පවුල විසින් නිවේදනය කර තිබේ.