“ගාඩි” 2019 වසරේ නැරඹිය යුතු ආසියානු සිනමාපට 100 අතරට
2019 වසරේ නැරඹිය යුතු ආසියානු සිනමාපට 100 අතරට ප්රසන්න විතානගේ නවතම සිනමා අධ්යක්ෂණය “ගාඩි” ඇතුලත් වී තිබෙනවා.
ආසියානු රටවල පැවැත්වෙන සිනමා උලෙළවල් පිළිබඳ වගතුග ගෙන එන ඒෂියන් ෆිල්ම් ෆෙස්ටිවල්(AFF) වෙබ් අඩවිය විසින් පසුගියදා එම චිත්රපට ලැයිස්තුව ප්රකාශයට පත් කර තිබුණි.
කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිම වුණු “ගාඩි” ප්රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය යි. එහි ප්රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.
ශ්රී ලංකා, ඉන්දියා සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය එළඹෙන වසරේදී මෙරට තුළ ප්රදර්ශනය කිරීමට නියමිත ය.