දේශීය කතානාද සිනමාවට 73ක්, චිත්රපට සංස්ථාවට 48ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උලෙළක්
ලාංකේය සිනමාවට වසර 73ක් සහ ජාතික චිත්රපට සංස්ථාවට වසර 48ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන සැමරුම් උලෙළක් ජනවාරි මස 21 වැනිදා පස්වරු 4ට තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම උලෙළට සමගාමිව සිනමාපට ප්රදර්ශනයක් ද සිදු කිරීමට නියමිත ය.
ඒ අනුව ජනවාරි 19,20 සහ 21 තෙදින හංස විලක්, ඩිංගිරි මැණිකේ සහ සැඩ සුළං යන සිනමාපට ප්රදර්ශනය කෙරේ.
එම ප්රදර්ශන කාලසටහන පහතින්,
ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් (1980) චිත්රපටය (සංරක්ෂිත DCP පිටපත) : ජනවාරි 19 වැනිදා සවස 5ට
ඒ.එස්.ඒ සාම්ගේ ඩිංගිරි මැණිකා (1965) චිත්රපටය : ජනවාරි 20 වැනිදා සවස 5ට
ටී. සෝමසේකරන්ගේ සැඩ සුළං (1955) චිත්රපටය : ජනවාරි 21 වැනිදා සවස 4.45ට
ඇතුල්වීම නොමිලේ.