ආනයනික ටෙලිනාට්‍ය සඳහා සමීක්ෂණ මණ්ඩලයක්
මෙරටට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සමීක්ෂණය සඳහා මණ්ඩලයක් පත්කිරීම ඊයේ (6) දින උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රධානත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේදී සිදු කෙරුණි.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලය තුල ආනයනය කළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිසා සමාජය හා සංස්කෘතිය පිරිහීමට ලක්වූ බවත් එබැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඒවා මුදා හැරීමට නව සමීක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ය.
එම අවස්ථාවට කලා ක්ෂේත්රයේ ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටිය හ.