ප්‍රවීන හොලිවුඩ් නළු කර්ක් ඩග්ලස් දිවි ගමන නිම කර යි
ප්‍රවීන හොලිවුඩ් රංගනවේදී කර්ක් ඩග්ලස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 103 හැවිරිදි වියේ පසුවූ ඔහු වේදිකා සහ සිනමා නළුවෙක් ලෙස ජනාදරය දිනා ගත් රංගන ශිල්පියෙකි. එසේම නිෂ්පාදකයෙක්, අධ්යක්ෂවරයෙක් සහ රචකයෙක් ලෙස ද ඔහු කටයුතු කළේ ය.
සිනමාපට 90කට අධික සංඛ්‍යාවක් සඳහා දායකත්වය සපයා ඇති කර්ක් ඩග්ලස් වැඩි දෙනාගේ මතකයේ රැඳෙන්නේ 1960 දී නිෂ්පාදනය කළ “ස්පාටකස්” සිනමාපටය සමඟිනි.
1916 දී උපත ලැබූ මේ ප්‍රවීන රංගනවේදියා ප්‍රසිද්ධියක් අත්කරගත්තේ හොලිවුඩයේ “ස්වර්ණමය අවධියේ” දී ය. “Champion” සිනමාපටයේ දැක්වූ රංගන කුසලතාවය නිසා 1949 දී ඔහු පළමු වරට ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශය විය. ඒ අනුව කර්ක් ඩග්ලස් ඔස්කාර් සම්මාන සඳහා තෙවතාවක් නිර්දේශ ලැබුවේ ය.
දශක හයකට අධික කාලයක් සිනමාවේ රැඳී සිටි ඔහු සිනමාව උදෙසා කළ සේවය වෙනුවෙන් 1996 දී ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබී ය.