“වේදිකාවෙන් මහපොළොවට 2020” කෙටි නාට්‍ය උලෙළට නිර්මාණ බාර ගැනේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල, සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධාන කරනු ලබන “වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උලෙළ 2020” සඳහා පාසල් සහ විවෘත යන අංශ දෙකෙන්ම නාට්‍ය පිටපත් කැඳවීම ආරම්භ කර තිබේ.
සිංහල සහ දමිළ මාධ්‍යවලින් නාට්‍ය පිටපත් කැඳවන අතර ඒ සෑම නිර්මාණයක්ම විනාඩි 30කට නොවැඩි විය යුතු ය.
එසේම ඒවා මින් පෙර “වේදිකාවෙන් මහපොළොවට” නාට්‍ය උලෙළට ඉදිරිපත් කර ජයග්‍රහණය කළ පිටපතක් නොවිය යුතු ය.
පාසල් අංශයෙන් ඉදිරිපත් කරන පිටපත් විදුහල්පති විසින් ද විවෘත අංශයෙන් ඉදිරිපත් කරන පිටපත් තමා විසින් ද සහතික කොට, එක් නාට්‍යයකින් පිටපත් 3 බැගින් ඉදිරිපත් කළ යුතු බව සංවිධායකයෝ පවසති.
තරගයට ස්ව නිර්මාණ ඉදිරිපත් කළ යුතු අතර පරිවර්තනයක් නම් එහි මුල් පිටපත ඇතුළුව අදාළ නිර්මාණය මාර්තු 31ට පෙර සභාපති, සාහිත්‍ය අනු කමිටුව, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට එවිය යුතු ය.
වැඩි විස්තර සඳහා : “වේදිකාවෙන් මහපොළොවට 2020”