ගීත නිර්මාණකරුවන්ට කර්තෘභාග ගෙවීම මාර්තු 1දා සිට ක්‍රියාත්මකයි
සියලුම ගීත නිර්මාණකරුවන්ට කර්තෘභාග ගෙවීම මාර්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (12) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.