ඉන්දීය ජාතික සිනමා සම්මාන දිනූ “To Let” මෙවර සිනමාතෙක් වැඩසටහනට
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA), කොළඹ සිනමා සහ රූපවාහිනී ඇකඩමිය සමඟින් එක්ව මාසිකව සංවිධාන කරනු ලබන සිනමා දැක්ම සහ සංවාදය පෙබරවාරි මස දී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව “සිනමාතෙක්” වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ එළඹෙන 19 වැනිදා සවස 5.30ට කොළඹ සිනමා සහ රූපවාහිනී ඇකඩමියේ දී ය.
දකුණු ඉන්දීය සිනමාකරු Chezhiyanගේ “To Let” සිනමාපටය එදින ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. හොඳම දමිල වෘතාන්ත සිනමාපටයට හිමි ජාතික සිනමා සම්මානය දිනාගත් මෙම චිත්‍රපටය 2017 දී නිර්මාණය වූව කි.
නොමිලේ පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදය මෙහෙයවීම එරන්ද මහගමගේ විසිනි.