මෙවර ෆිල්ම්ෆෙයා සම්මාන උලෙළේ හොඳම සිනමාපටය ඇතුළු ප්‍රමුඛතම සම්මාන “ගලී බෝයි” දින යි
65 වැනි වරට සංවිධානය කළ ඉන්දීය ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උලෙළේ හොඳම සිනමාපටය ඇතුළු ප්‍රමුඛතම සම්මාන 11ක් තමන් සතු කර ගැනීමට සෝයා අක්තර්ගේ “ගලී බෝයි” සිනමාපටය සමත්විය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පෙවූ ආලියා බාත් හොඳම රංගන ශිල්පිනිය සහ රන්විර් සිං හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන දිනූ අතර හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය හිමිවුයේ සෝයා අක්තර් හට ය.
මෙවර ෆිල්ම්ෆෙයා සම්මාන උලෙළ ඊයේ (15) දින ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි හි දී පැවැත්වුණි.
සම්මාන උලෙළේ සෙසු සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
හොඳම සිනමාපටය විචාරක සම්මානය : Article 15 and Sonchiriya
හොඳම නිළිය විචාරක සම්මානය : Bhumi Pednekar and Taapsee Pannu, Saand Ki Aankh
හොඳම නළුවා විචාරක සම්මානය : Ayushmann Khurrana, Article 15
හොඳම සහාය නිළිය : Amruta Subhash, Gully Boy
හොඳම සහාය නළුවා : Siddhant Chaturvedi, Gully Boy
හොඳම සංගීත ඇල්බමය : Gully Boy and Kabir Singh
හොඳම පද රචනය : Divine and Ankur Tewari for Apna Time Aayega (Gully Boy)
හොඳම පසුබිම් ගායකයා : Arijit Singh for Kalank Nahi (Kalank)
හොඳම පසුබිම් ගායිකාව : Shilpa Rao for Ghungroo (War)
හොඳම දෙබස් : Vijay Maurya, Gully Boy
හොඳම තිර පිටපත : Reema Kagti and Zoya Akhtar for Gully Boy
හොඳම මුල් කතාව : Anubhav Sinha and Gaurav Solanki for Article 15
හොඳම කුළුඳුල් අධ්‍යක්ෂණය : Aditya Dhar, Uri: The Surgical Strike
හොඳම කුළුඳුල් රංගනය (නළුවා) : Abhimanyu Dassani, Mard Ko Dard Nahi Hota
හොඳම කුළුඳුල් රංගනය (නිළිය): Ananya Panday, Student Of The Year 2
හොඳම ක්‍රියාදාම සිනමාපටය : War
හොඳම සංගීත අධ්‍යක්ෂණය : Gully Boy
හොඳම නර්තන අධ්‍යක්ෂණය : Remo D'Souza for Kalank track Ghar More Pardesiya
හොඳම කැමරා අධ්‍යක්ෂණය : Gully Boy
හොඳම රංග වස්ත්රාභරණ නිර්මාණය : Sonchiriya
හොඳම සංස්කරණය : Uri: The Surgical Strike
හොඳම නිෂ්පාදන සැලසුම් : Gully Boy
හොඳම හඬ සැලසුම් : Uri: The Surgical Strike
හොඳම දෘශ්‍ය ප්‍රයෝග : War
හොඳම කෙටි චිත්‍රපටය (ජනතා මනාපය) : Deshi
හොඳම ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය : Bebaak
හොඳම ප්‍රබන්ධ නොවන කෙටි චිත්‍රපටය : Village Of A Lesser God
හොඳම රංගන ශිල්පිනිය (කෙටි චිත්‍රපට) : Sarah Hashmi, Bebaak
හොඳම රංගන ශිල්පියා (කෙටි චිත්‍රපට) : Rajesh Sharma, Tindey