“කොළඹ නාට්‍ය කතිකාවේ” තවත් අදියරක් පෙබරවාරි 25 වැනිදා
නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ “කොළඹ නාට්‍ය කතිකාවේ” තවත් අදියරක් පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
එදින සවස 5ට කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ඇරඹෙන මෙම වැඩසටහනේ දී කතාබහ කිරීමට නියමිත වන්නේ “90 දශකයෙන් පසු ශී‍්‍ර ලාංකීය නාට්‍ය කලාවේ ගමන් මග” පිළිබඳව යි.
නාට්‍යවේදීන් වන ලූෂන් බුලත්සිංහල, හේමන්ත ප්‍රසාද්, අකිල සුපමල්, චමිල පි‍්‍රයංක එම අවස්ථාවට එක්වනු ඇත.
එදින වැඩසටහන මෙහෙයවන නාට්‍යවේදී එම්.සෆීර් විසින් තැබූ සටහනක් පහතින්,
“කොළඹ නාට්‍ය කතිකාව යනු නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයකි. එම අවකාශයේදී නාට්‍ය විද්‍යාර්ථයන්, අධ්යක්ෂවරුන්, රචකයන් නලූ නිළියන්, විචාරකයන්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා කළමණාකරුවන්, සිසුන් සහ පේ්රක්ෂකයන් ආදී සියලූ දෙනා එක් අවකාශයකට එක්වී දේශිය හා විදේශිය නාට්‍ය කලාවේ නිම් වළලූ පුලූල් කිරීම උදෙසා සංවිධානය කරනු ලබන්නාවු කථිකාවකි.
2017 වසරේ සිට ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම හා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව පසුගිය වසර 03 ක් පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කතිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ සංවාද මාලාව අති සාර්ථකව පැවැත්විණි.
2020 වසරේ සිට මෙම නාට්‍ය කතිකාව තවත් අදියරක් ඉදිරියට ගෙන යමින් යුරෝපීය නාට්‍ය කලාවට අමතරව මෙරට නාට්‍ය කලාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවද සංවාද හා නාට්‍ය විඩියෝ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. මෙම නාට්‍ය කතිකාව සෑම මසකම අවසන් අගහරුවාදා සවස 5 සිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
90 දශකයෙන් පසු ශී‍්‍ර ලාංකීය නාට්‍ය කලාවේ ගමන් මග
පෙබරවාරි මස 25 වැනිදා සවස 5.00
ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය
මෙහෙයවීම - එම්. සෆීර් / වරුණ අලහකෝන්
මැදිහත්කරණය : ලූෂන් බුලත්සිංහල /හේමන්ත ප්‍රසාද්
අකිල සුපමල් / චමිල පි‍්‍රයංක
90 දශකයෙන් පසු ශී‍්‍ර ලාංකීය නාට්‍ය කලාවේ ගමන් මග
ශී‍්‍ර ලාංකීය නාට්‍ය කලාව තුළ පසු ගිය දශක තුනක කාලය යනු නාට්‍ය කලාව තුල අති විශාල වෙනස්කම් රැුසකට හා සුවිශේෂ වෙනස්කම් සිදුවූ වකවානුවකි. විශේෂයෙන් 80 දශකයේ මුල හා අග මෙරට සිදුවූ ජාතිවාදි හා කැරලි හේතුකොට ගෙන එයට පසුව බිහිවන කාලය සංකාන්තික කාලයකි. එම කාලයෙන් පසු 90 දශයේ මුල හා අගවන විට බොහෝ තරුණ නාට්‍යකරුවන් පිරිසගේ ආගමනයට මග සැලසු යුගයකි. අදවන විට දශක තුනත් තුල එයට පසු තවත් පරම්පරා ද්විත්වයක් මේ ගොඩට එක්වී ඇති අතර, මේ සියලූ දෙනා අදටත් දේශිය නාට්‍ය කලාව තුල විවිධ අපහසුතා හා පීඩන මැද නාට්‍යකරණයේ යෙදතෙි. මෙවර කතිකාව වෙන් වන්නේ පසුගිය දශක තුන සඳහාය.”