“මට මගේ මිතුරන් තිදෙනෙක් නැතිවුණා” රූගත කිරීම් අතරතුර සිදු හදිසි අනතුර ගැන කමල් හසන් ශෝකයෙන්
ඉන්දීය නළු කමල් හසන් රංගනයෙන් එක්වන “Indian 2” සිනමාපටයේ රූගත කිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීම නිසා සිදුවූ හදිසි අනතුරකින් පුද්ගලයන් තිදෙනකු බදාදා (19) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වුණි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී දර්ශන තලයේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනකු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
“මම අනතුරු ගොඩක් දැකල තියෙනවා නමුත් අද සිදුවුණේ ගොඩක් භයානක අනතුරක්. මට මිතුරන් තිදෙනෙක් අහිමි වුණා. මගේ වේදනාවට වඩා ඔවුන්ගේ පවුල්වලට දුක් වේදනාව වැඩියි. ඔවුන් වෙනුවෙන් මම මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා,” යනුවෙන් ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා ඇත.
අනතුර පිළිබඳ ආරංචි වීමෙන් පසු තුවාල ලැබුවන් කඩිනමින් රෝහල් කරා ගෙන යාමට ඔහු, අවශ්‍ය කටයුතු සලසා දී තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර යි.
සිනමාපටයේ අධ්යක්ෂවරයා වන ශංකර් ද තුවාල ලබා ඇතැයි අනතුර සිදු වී සුළු වෙලාවකට පසු කටකතා පැතිර ගියත් එය සත්‍යයක් නොවන බව පසුව වාර්තා විය.
කෙසේ වෙතත් මෙම අනතුරින් අධ්යක්ෂවරයාගේ පෞද්ගලික සහයක මධු(19 හැවිදිරි), සහය අධ්යක්ෂ ක්‍රිෂ්ණා(34 හැවිරිදි) සහ තවත් පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මියගොස් ඇත.