කොරෝනා වැළඳී චීන සිනමා අධ්යක්ෂ චැන් කායි මියයයි
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීන සිනමා අධ්යක්ෂ “චැන් කායි”, ඔහුගේ සොහොයුරිය, මව සහ පියා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
55 හැවිරිදි චැන් කායි මියගොස් ඇත්තේ පෙබරවාරි 14 වැනිදා යි. ඔහුගේ පවුලේ සියලු දෙනා පසුගිය දින කිහිපය නිරෝධායන කුටියක එකට ජීවත් වී ඇති බවත් ඔහුගේ දෙමව්පියන් ඉකුත් සති දෙක තුළදී මියගොස් ඇති බවත් Caixin සඟරාව වාර්තා කර යි.
චැන් කායි මරණයට පත්ව පැය කිහිපයකින් ඔහුගේ සොහොයුරිය මියගොස් ඇත. එසේම ඔහුගේ බිරිඳ මේ වනවිට අසාධ්‍ය තත්වයේ රෝහල් ගතව පසුවන බව යි සඳහන් වන්නේ.
නවතම වාර්තා අනුව ලොව පුරා 76,000කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.