“අද වගේ දවසක ඇන්ටිගනි” එකොළහ ලබද්දී “රතු වෙස්මුහුණු” වේදිකාවට
කැලණිය විශ්ව විද්‍යාල ලලිත කළා අධ්‍යන අංශයේ නාට්‍ය හා රංග කලා ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගේ වේදිකා අධ්‍යක්ෂණයක් වන “අද වගේ දවසක ඇන්ටිගනි” එකොළොස් වැනි වර්ෂ පූර්ණ දැක්ම මාර්තු 7 වැනිදා සිදු කිරීමට නියමිත ය.
ඒ එදින සවස 7ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ය.
එසේම, ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය “රතු වෙස්මුහුණු” මාර්තු 05, 06 දෙදින සවස 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංගගත කෙරේ.
ප්‍රියංකර රත්නායක, මෙම නාට්‍ය නිර්මාණ පිළිබඳව සතිඅන්ත පුවත්පතක් වෙත මෙසේ අදහස් දක්වා තිබුණි,
"රතු වෙස් මුහුණු වේදිකා නාට්‍යය සොකොෆ්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ අනුවර්තනයක් විදියට දක්වන්න පුළුවන්. 2001 දී මම ඊඩිපස් රජ නාට්‍යය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිස සමඟ නිෂ්පාදනය කළා. ඒ නාට්‍යයේ පිටපත නැවත රතු වෙස්මුහුණු නමින් මං නිෂ්පාදනය කළා. ඇත්තටම රතු වෙස් මුහුණු නාට්‍යයේ ප්‍රධාන තේමාව බවට පත්වන්නේ උද්දච්චකම හා ආඩම්බරකම මූලික කරගෙන ඇතිවෙන පුද්ගල ඛේදවාචකයත් පුද්ගලයාගේ අධ්‍යාත්මයේ ඛේදවාචකයත් විතරක් නොවේ එය සමාජමය ඛේදවාචකයක් දක්වා වර්ධනය වෙනවා. අද සමාජයේ තිබෙන සමාජ, ආර්ථික, දේශපාන අර්බුද ඇතුළේ පුද්ගලයා අසරණභාවයට පත්වෙනවා. විවිධ තත්ත්වයන් හමුවේ බලය ලබාගැනීම හා එය පවත්වාගෙන යාම ඇතුළෙ ඇතිවන අරගලය ගැන මේ නාට්‍යයේදී සාකච්ඡා කරනවා.
මං නිෂ්පාදනය කරපු ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යය ඇතුළෙත් කතා කරන්නේ මේ පුද්ගල සමාජ ඛේදවාචකය ගැන. සමාජයේ කාලීන තත්ත්වයන්ට සාපෙක්ෂව මිනිසුන්ගේ අභ්‍යන්තර අරගලයත් මේ නාට්‍යයට තේමා වුණා. ඒ වගේම වෘත්තිමය රංගන ශිල්පීන් වගේම කැලණිය සරසවියේ ආදි විද්‍යාර්ථින් වූ දක්ෂ රංගන ශිල්පීන් මේ නාට්‍යයට රංගන දායකත්වය දක්වනවා. ගිහාන් ප්‍රනාන්දු, නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ, සමාධි ලක්සිරි, ප්‍රේමරත්න තෙන්නකෝන් වගේ වෘත්තිමය රංගනශිල්පීන් මේ නාට්‍යයේදී රංගන දායකත්වය දැක්වුවා. ඒ වගේම මාර්තු 07 වන දා ‘අද වගේ දවසක ඇත්ටිගනී’ නාට්‍යයට එකොළොස් වසරක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් එම නාට්‍යයත් රංගගත වෙනවා.”