‘’මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා නැහැ කියලත් මතක් කරන්න ඕන"
පසුගිය දා නිමාව දුටු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලයේ ''නිල්මහා සටන'' වාර්ෂික ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පැවති ප්‍රසංගයේ ගීත ගායනා කිරීමට ජනප්‍රිය ගායිකා කොරින් අල්මේදා ද සහභාගී වී තිබුණි.
ඒ අනුව, කොරෝනා වෛරස් තත්වය හා මහජනතාව ගැන සිතා ඇය දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඇය එම තීරණය ගෙන තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු මෙම ක්‍රිකට් තරගාවලියට නැරඹීමට ගොස් තිබූ බවත් සැලවීමෙන් අනතුරුව යැයි හිරු පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණි.
"මම පසුගියදා රෝයල්-තෝමියන් බිග් මැච් එකේ සින්දු කියන්න ගියා. මම වගේම ජනප්‍රිය ගායක ගායිකාවන් එහි ගී ගැයුවා. ඊයේ දැනගන්න ලැබුණා එම අවස්ථාවේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ ගුවන් නියමුවෙක් හිටියා කියලා. පසුව මම ඒ ගැන සොයා බැලුවා. මම හිටිය ස්ථානයේ නෙමෙයි ඔහු හිටියේ. නමුත් මම මහජනතාව ගැන හිතලා ඊයේ ඉදලා දවස් 14ක් නිවසේ රැදී ඉන්න තීරණය කළා. මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා නැහැ කියලත් මතක් කරන්න ඕන.."