“පරිස්සම් වන්න, සැලකිල්ලෙන් සිටින්න, දැනගත්තොත් හුදෙකලා වෙන්න"
කොවිඩ්-19 වෛරසයට නිරාවරණය වූ බවට සැක පිට, නිවෙස්වල හිඳිමින් ස්වයං-නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් මුද්‍රාවක් මඟින් සලකුණු කිරීමට ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
පූර්වාරක්ෂක පියවරක් ලෙස, නව කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී තිබෙන වෙනත් ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කරන බව යි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පත වාර්තා කර සිටින්නේ.
අවශ්‍යතාවයක් මතු වුවහොත්, ආසාදිතයින් සාමාන්‍ය ජනයා සමඟින් ගැවසුණේ ද යන්න හඳුනා ගැනීමටත්, ඔවුන් වෙන්කර තැබීමටත් මෙ මඟින් හැකියාව ලැබෙනු ඇත.
මේ අනුව, ප්‍රවීන බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ද නිවසෙහි හිඳිමින් ස්වයං නිරෝධායනයේ නිරත වන බව යි වාර්තා වන්නේ. තම අතෙහි තැබූ මුද්‍රා සලකුණ දැක්වෙන ඡායාරුපයක් ද පළ කරමින් සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඔහු මේ බව නිවේදනය කර තිබෙනවා.
මුද්‍රා සලකුණු තැබීම බලධාරීන් විසින් ආරම්භ කර ඇති බවත් ඉක්මනින් මැකී නොයන නිසා ඡන්ද කටයුතු සඳහා යොදා ගන්නා තීන්ත ඊට භාවිත කරන බවත් බිග් බී හෙළි කර තිබෙනවා.
"T 3473 - මුම්බායි නුවර, ඡන්ද තීන්තවලින් අතෙහි මුද්‍රා සලකුණු තැබීම ආරම්භ කර තිබෙනවා.... පරිස්සම් වන්න, සැලකිල්ලෙන් සිටින්න, දැනගත්තොත් හුදෙකලා වෙන්න"