කොරොන්ටයින් වෙන්නෙ නැති මිනිස්සු රටට වසංගතය පතුරවද්දි විවිධ දුෂ්කරතා මැද්දේ ජීවත්වෙන සුවහසක් මිනිසුන් අතර කලාකරුවන් ද සිටින බව නොරහසක්.
කලා ක්ෂෙතයේ්ර සිනමා, ටෙලි හා වෙළඳ දැන්වීම් අංශවල විිවිධ අංශ නියෝජනය කරන කාර්මික ශිල්පීන් සහාය අධ්යක්ෂවරුන්, නිෂ්පාදන කළමනාකරුවන්, තාක්ෂණ ශිල්පීන්, වේෂ නිරූපණ ශිල්පීන්, කලා අධ්යක්ෂවරු ඇතුළු සමස්ත කර්මාන්තයේ නියුුතු බහුතරයක් ඉතා විශාල ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබේ.
වේදිකා සිනමා ටෙලි කර්මාන්තයේ ඇතුළු සංගීත ක්ෂෙත්රයේ අයට මෙම වසංගතයෙන් සිදුව ඇත්තේ ඉතා විශාල ආර්ථික පසු බැස්මකි.
මේ කිසිවකු රටට ආණ්ඩුවකට බරක් නොවී ස්වාධීන ආර්ථික වටපිටාවක් ගොඩ නගාගෙන ජීවත් වූ වෘත්තිකයන් බව අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.
මේ තත්ත්වය වඩාත් සංවේදීව වටහාගත හැක්කේ ද සහෝදර කලා ශිල්පීන්ටම පමණි.
මේ වනවිට රූපවාහිනී සිනමා සහාය අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය කලා කරුවන් වෙනුවෙන් සහන වැඩ සටහනක් දියත් කර තිබේ. ඒ අඅත්යාවශ්ය ආහාර බෙදා දීමයි.
එමෙන්ම තවත් කලාකරුවන් කිහිප දෙනෙකු එක්ව සංවිධාන ගත ව කලාකරුවන් සහ අනෙක් අය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීම ආරම්භ කර තිබේ. දුලීකා මාරපන පෞද්ගලිකව සහන අවශ්‍ය අය සඳහා ආහාර ද්‍රව්‍ය බෙදාදීම ආරම්භකර තබේ. මේ සියල්ලන්ම කලා කරුවන් වෙනුවෙන් මෙන්ම තමා අවට ජීවත්වන ප්‍රදේශවාසීන් වෙනුවෙන් මේ ආකාරයේ සේවාවක් කිරීම පිළිබඳ සතුටු විය යුතුය. මේ සියල්ල තුළ ඉස්මතු වන්නේ මනුස්සකමය. කලාකරුවන් පමණක් නොවේ බොහෝ මිනිසුන් තමන්ට හැකි අයුරින් සහෝදර ජනතාව වෙනුවෙන් හැකි ආකාරයෙන් මැදිහත්ව කටයුතු කරනු බව අප සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නෙමු. ඒ සියළු දෙනාහට මිරර්ආර්ට්ස් හි ගෞරවය ප්‍රකාශ කරන්නෙමු. කොස් ගෙඩියක් කඩා ගන්නා ලද මිනිසෙකුට පිහියෙන් කොටන සමාජයක ජනතාව වෙනුවෙන් වසංගතයේ බිහිසුන් බව ද නොතකා සහන සැලසීමට ඉදිරිපත්වීම අතිශය මානුෂීය වටිනාකමකි. අපි ඒ වටිනාකම් අගයමු.