කොරෝනා රෝගීන් දවසින් දවස වැඩි වීමක් සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය තොරතුරු වාර්තාවන ආකාරයෙන් අපි ට දැකගැනීමට හැකිය.මෙවැනි සංකීර්ණ වසංගත තත්ත්වයක් අබියස කලාකරුවන්ගේ යුතුකම විය යුත්තේ කුමක් ද?
රටේ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගෙන සිටිනා කලාකරුවන් ලෙසට මේ අය තම පැවැත්මෙන් අනෙකාට පූර්වාදර්ශයක් දිය යුතුය. ඒ නිසාම තුමිඳු දොඩංතැන්න කළණ ගුණසේකර වගේම ලක්මාල් ධර්මරත්න වැනි කලාකරුවෝ ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහන් දියත් කර පේ්රක්ෂකයන් වූ මේ රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කර තිබෙනු අපි වාර්ථා කළෙමු.
එමෙන්ම තවත් කලාකරුවන් තම තමන්ගේ සමාජ ජාලා පිටුවල ස්වෙච්ජාවෙන් පෙනී හිටිමින් දැණුවත් කිරීම් කරමින් කොරෝනා වසංගතයෙන් බේරීම සඳහා නිවෙස් වලට වී සිටින්නැයි ඉල්ලීම් කළේ ජනතාවට ආදර්ශයක් වෙමිනි.
තවත් සමහර කලාකරුවන් කලාවට සම්බන්ධ බොහෝ පිරිස් අවශ්‍ය අවසර ලැබ මෙවන් දුෂ්කර සංකීර්ණ අවස්තාවන්ට මුහුන දෙන සහාය අවශ්‍ය කලාවේ නියුතුව සිටි සහෘද හිතවතුන්ට ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට පෙරමුණ ගත්හ. ඒ සහන ලාදීම් තවමත් සිදුවෙමින් පවතී.
නමුත් එක්තරා ටෙලිවිෂන් ආයතනයක් විසින්රටේ පනවා ඇති නීති රීති නොතකමින් නළු නළියන් එක් රැුස් කර අවුරුදු උත්සව ප්‍රසංගයක් රුගත කිිරීම් කර තිබේ.
මේ සඳහා නලු නිළියන් නර්ථන ශිල්පීන් ඇතුළු 120ක පමණ පිරිසක් මීට සම්බන්ධ කරගෙන ඇතැයි වාර්ථා වේ.
මිරර්ආර්ට්ස් මේ පිළිබඳව එයට දායක වූ වායැයි සමාජමාධයක නම් කරතිබූ රංගන ශිල්පිණියකගෙන් කරුනු විමසුවෙමු.
ඇය එහි ගිය බව පිළිගත් අතර නළු නිළියන් 30ක පමණ සංඛා්‍යාවක් පැමිණ සිටි බවත් ඔවුන් සෞඛ්යාරක්ෂිත වැඩ පිළිවෙලක් යටතේ ඒ ස්ථානයට ඇතුල් කරගත් බවත් පැවසීය.එමෙන්ම කලාකරුවන්ගේ ප්‍රවාහනය තුළදී ද ආරක්ෂිත වැඩ පිළිවෙලක් දියත් කර තිබූූ බව ඇය තේරුම් ගත් බවත් පැවසු අතර මිරර් ආර්ට්ස් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පැවසුවේ රටේ පොදු ජනතාව මේ වනවිට සිටින්නේ නෙගටිව් මානසිකත්වයක සහ යම් යම් පීඩාකාරී මානසිකත්වයක බැවින් තමා කලාකාරිනියක් ලෙස මෙම අවුරුදු ප්‍රසංගයට දායක වී ජනතාවට යම් රසාසා්වාදයක් ලබාදීම අරමුණු වූූ වා යැයි ද ප්‍රකාශ කරන ලදී.
කෙසේවුවද ඇය ප්‍රකාශ කළේ මෙවන් වාතාවරණයක මෙවැනි වැඩ සටහනක් රූගත කිරීම සඳහා එම ආයතනය විසින් අවසර ලබා ගත්තානම් එම අවසරය ලබාදීමේ දී ඒ ඒ අංශ ඊට වගකීම් බාරගතයුතු නෙවේද යන්නයි.
මිරර්ආර්ට්ස් විමසා සිටියේ එම නළු නිළියන්ගෙන් හෝ එහි නර්ථනයෙන් මෙන්ම තාක්ෂණික ක්‍රියාකාරීන් හෝ රියැදුරන් ගෙන් කාට හෝ මෙම වසංගත රෝගය එම රුගත කිරීම් නිසා වැළඳුනේනම් එයට වග කිවයුත්තේ ඒ ප්‍රසංගය රුගත කිරීම සඳහා අවසරය දුන් අයද එම ප්‍රසංගය සංවිධානය කළ ආයතනයද නැතහොත් ඊට කැමැත්තන් සහබාගිවූ පිරිසද යන්නයි
කෙසේවුවද මේ වනවිට එම ප්‍රසංගය රූගත කිරීම් කර ඇති බව සත්‍යයකි.ප්‍රධාන පෙළේ රංගන ශිල්පියෙකට රුපියල් 50000ක පමණ මුදලක් ගෙවා ඇති බවද මිරරි ආර්ට්ස් වෙත වාර්තා විය.එමෙන්ම අවුරුදු කුමරා කුමරිය තේරීම සඳහා ද සූදානමක් ඇති බවද වාර්ථාවෙයි.
සිංහල අවුරුදු වෙනුවෙන් මිනිස්සුන්ට වසංගත බියෙන් ජීවත්වන්නට සිදුව ඇති මොහොතක මෙවැනි ඉන්ද්‍රජාලික අවුරුදු උත්සව වැඩ සටහන් පෙන්වා සතුටු කරන්නට උත්සාහ ගන්නේ වැඩිම පේ්රක්ෂක පිරිසක් තමන් වෙත රඳවා ගෙන අංක එක වීමේ වෙළඳ උපක්‍රම නිසා බව නළු නිළියන්ට නොතේරෙනවා විය යුතුය.
රුපියල් සත වලට කොරෝනා නොව වෙනත් මාරාන්තික වසංගතයක් අබියස වුව නළු නිළියන් වැඩ කරනු ඇත.එතැනට පොළඹා ගන්නට මේ නාලිකාවාලට මුදල් ශක්තියද ඇත.
වෙනත් රටවල නළු නිළියන් මෙවන් පොදු අපාදාවලදී ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන් තමන් උපයන ලද මුදලින් ජනතාව වෙත පහසුකම් සැළසීීම වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරති. අපේ අය ජනතාව වෙනුවෙන් කරනුයේ ජීවිත පරිත්‍යාගයයි. ඒ තරමට ජනතාවගේ මානසික ප්‍රශ්න වෙනුවෙන් සංවේදීය.
ටෙලිවිෂන් නාලිකා ජනතාව පිනවීම උදෙසා වෙනත් විකල්ප නොසොයා මේ රටේ මිනිසුන්ගේ ජීවිත අවධානමක හෙලීම ඉතාමත් නරක ආදර්ශයක් සපයන්නක් බව මෙහි සඳහන් කළ යුතුය.
ඒවාට අවසර දී ඇත්නම් ඒ අයද සිදු කර ඇත්තේ විනාශයකි. හරියට රෝයල් තෝමියන් බිග්මැච් එකට අවසර දුන්නා හා සමානය. නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය.
මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුකරන්නැයි අපි කීවත් වගකිවයුත්තන් යනුත් අවසානයේ ඔවුන්මය . ඉතින් අපි කාට කියමුද