දයා තෙන්නකෝන් යනු මෙරට වේදිකා, සිනමා ,ගුවන් විදුලි ,මෙන්ම රුපවාහිනී යන සියලු ක්ෂෙත්රයන් නියෝජනය ළ ජ්‍යෙෂ්ට කලාකරුවෙකි
.සුගපාල ද සිල්වාගේ වේදිකා නාට්‍ය තුළින් රංගන ජීවිතය ආරම්භ කළ ඔහු මෙරට විශිෂ්ට වේදිකා සිනමා රූපවාහිනී අධ්යක්ෂවරුන් යටතේ විවිධ චරිත නිරූපණයන් හි යෙදෙමින් මෙරට රංගන ක්ෂෙත්රයේ නමක් දිනා සිටි දක්ෂ පරිනත රංග වේදියෙකි.
දයා තෙන්නකෝන් මහතා ටික කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළෙමින් සිට ඇති අතර අද 17 දින මහරගම අපේක්ෂා රෝහලේදී කරන්නට යෙදෙුනු සැත්කමකින් පසු ඔහු මෙසේ ජීවිතයෙන් සමුගෙන ඇත.
මිය යන විට 78 වැනි වියෙහි පසු වූ ඔහු මෙරට දක්ෂ රංගන වේදිනියක වන ගේ‍්‍රස් තෙන්නකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැණුම් දෙන බව හිත මිත්‍රයෙකු වූ කලාකරු ලක්ෂමන් මෙණ්ඩිස් මහතා මිරර්ආර්ට්ස් කළ විමසීමේදී පැවසීය.
දයා තෙන්නකෝන් මහතා බත්තරමුල්ල ජයවඩනගම පදිංචිව සිටියේය.
දයා තෙන්නකෝන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ මිරර් ආර්ට්ස් සංවේගය මෙසේ පළ කරන්නෙමු.